Saturday, October 19, 2024
Follow Us
තැපැල් ඡන්ද සම්බන්ධයෙන් දැනුම් දීමක්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වේ.

අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරයි.

 

23 1

24 2