Saturday, October 19, 2024
Follow Us
ඇමැති විජේදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මෙලෙස පැවසීය,

කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නැති බවත් අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගැනීමට තීරණය කළ බව පෙන්වා දුන් ඒ මහතා ඒ බව දැනුම්දී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම තමාට සාමාන්‍ය දෙයක් බවත් මීට පෙර 6 වතාවක් තමාට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාර නොගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.