Saturday, October 19, 2024
Follow Us
විදුලිබිල අඩු වෙනවා - විදුලිබල ඇමැති

ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8ත් 6ත් දක්වාද, ඒකක 30-60 රුපියල් 20 සිට 9 දක්වාද , ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වාද , ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.