Saturday, October 19, 2024
Follow Us
විභාග කාලසටහන සහ පාසල් වාරසටහන ක්‍රමයෙන් යථාවත් කිරීමට පියවර

කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසී ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමිනි. තමන් 2022 වර්ෂයේ ජූනි මාසයේ අධ්‍යාපන ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවේ අධ්‍යාපන පද්ධතියේ පැවති අභියෝගයන්ට මුහුණ දෙමින් මේ දක්වා සිදු කරනු ලැබූ වැඩ කොටසත් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙනුත් මෙහි දී ඒ මහතා කරුණු පැහැදිලි කළේ ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම කාල වකවානුවේ විභාග කාලසටහන් පාසල් වාරසටහන් හා නොගැළපෙන තරමට සිදු ව තිබූ ප්‍රමාදයන් අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑම් එල්ල කළ බවයි.