Saturday, October 19, 2024
Follow Us
නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම හා ජන්ද විමසීම ජුනි මස 6 වනදා

ඉදිරි සතියේ දී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්‍යතා මෙන්ම නීතිමය අවශ්‍යතා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා(29) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණ. 

නව පනත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම හා ජන්ද විමසීමට ජුනි මස 6 වනදාට නියම කර ඇත. 

නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලට අනුව විදුලිබල මණ්ඩලයේ සේවාවන් වෙන් කිරීම සිදුවන අතර එක් එක් කාර්යය සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් සිදු කිරීමට නව ආයතන මගින් එම කාර්යය සිදු කිරීමත්, විදුලිබල උත්පාදන වියදම් සහ පරිපාලන වියදම් අවම කිරීමට සහ උසස් ප්‍රමිතියෙන් යුත් විදුලි බල සැපයුමක් සහ සේවාවක් විදුලි පාරිභෝගිකයන්ට ඉදිරියේ දී ලබාදීමත් බලාපොරොත්තුවයි. 

සමස්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා වසර තුනක කාල රාමුවක් අවශ්‍ය වන අතර එමගින් විදුලිබල ක්ෂේත්‍රයේ තොග ව්‍යාපාර කටයුතු, විවෘත වෙළඳපොල ප්‍රවේශවීම්,  කලාපීය වශයෙන් විදුලිබල වෙළදාම සඳහා අඩිතාලම නිර්මාණය වන අතර නව ආයෝජන දිරිගැන්වීම සහ විදුලිබල ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයක් ඇති කිරීම සිදු වේ