Saturday, October 19, 2024
Follow Us
සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6  දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  මාධ්‍ය වෙත  ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ඒ අනුව සමග ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත්කළ  නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය වේලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව ජයතිස්ස මහතා සඳහන් කළේය.

පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා මෙම මස 27 වැනිදා31 වැනිදාත් අතර දිනයක්ද පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ජුනි 3 වැනිදාත් 7  වැනිදාත් අතර දිනයක් ලබා දුන් බව සමග ජන බලවේගය නිවේදනය කළේය.

 

Lankadeepa