Saturday, October 19, 2024
Follow Us
රිෂාඩ් බදියුදීන් එල්ලුම්ගස් යැවියයුතුයි – මනූෂ

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්, ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා ‌පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

එසේම බදියුදීන් ඇමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ගාල්ලේදී 26 පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා..,

“මේ ‌වෙලාවේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධව ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තුවට පරීක්ෂණ කිරීමට බලයක් නෑ. පාර්ලිමේන්තුවට පුලුවන් ‌වෙන්නේ විවාද කරලා ඡන්දයක් අරගෙන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පැත්තට ඡන්ද අඩුනම් ඔහු පාර්ලිමේන්තුවෙන් යවන්න ‌වෙනවා.

ඔහුගේ පැත්තට ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුවේ තියාගන්න ‌වෙනවා. ත්‍රස්තවාදියෙක් වුණත් ඔහු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තොත් පාර්ලිමේන්තුවේ තියාගන්න ‌වෙනවා. ඔහුට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය අඩුවුනොත් විතරයි පාර්ලිමේන්තුවෙන් යවන්න පුලුවන් ‌වෙන්නේ.

අපි වහාම වගකීමෙන් ආරක්ෂක ඇමැතිවරයාගෙන්, ‌පොලීසිය භාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලයි.

(Lead News)