Thursday, October 24, 2024
Follow Us
එස්.බී, ඩිලාන්, ලක්ෂ්මන්, විජයමුණි සහ ෆවුසිගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව, පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්. එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ ලිපි ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් වෙත යොමු කරන බවයි ජයසේකර මහතා පැවසුවේ.

එස්.බී, ඩිලාන් සහ ලක්ෂ්මන් යාපා යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව සිටින අතර විජයමුණි සහ ෆවුසි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ එක්ව සිටිති.

(LNW)