Thursday, October 24, 2024
Follow Us
අපිට පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ - මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවත්, රට ගැන සිතා හැමවිටම පක්ෂය තීන්දු ගන්නා බවත් ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ‍කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ශ්‍රීලනිප 68 වැනි සංවත්සර සැමරුමට සහභාගි වෙමිනි.

'තීන්දුව හරි අතට' තේමාව යටතේ ශ්‍රීලනිප සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව සිටියාය.

ඉදිරි දශකය සඳහා ද ශ්‍රීලනිපය නායකත්වයට ගෙන ඒම පක්ෂයේ අරමුණ බවත් ඒ අනුව රට ඉදිරියට ගෙනයෑම සඳහා න්‍යාය පත්‍රයක් සකස් කරන බවත් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ශ්‍රීලනිප නායකයන් ප්‍රකාශ කළද එවැනි කිසිදු වැදගත් තීන්දුවක් සමුළුවේදී ප්‍රකාශයට පත්ව නොමැත.

(LNW)