Thursday, October 24, 2024
Follow Us
අපේ ඡන්ද ඕනෙ නං ස්වයං තීරණ අයිතිය පිළිගන්න - TNA

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං තීරණය අයිතිය ලබාදීමට පොරොන්දු වන අපේක්ෂකයාට පමණක් බව දේමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසනවා. මුලතිව් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටී.

දශක ගණනාවක් තිස්සේ දකුණේ දේශපාලන පක්ෂ විසින් උතුරේ දෙමළ ජනතාව රවටමින් සිටින බවත්, එහෙත් එම රැවටීමට තිත තැබීමට කාලය එළඹ ඇති බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා. මෙතෙක් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් ස්වයං තීරණ අයිතිය පිළිගන්නා අපේක්ෂකයාට සහාය ලබාදීමට තම සන්ධානය තීරණය කර ඇති බවත් ස්කන්ධරාජා මහත්මිය පවසයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක මට්ටමේ කිසිවෙකුත් මෙවැනි තීරණයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නොමැත. මීට පෙර දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ඔවුන් ලබාදෙන පොරොන්දු සලකා බලා අවසන් තීරණය ගන්නා බවයි.

(LNW)