Thursday, October 24, 2024
Follow Us
හැකිනම් ඇල්පිටිය දිනවා පෙන්වන්න! – ජනපති අපේක්රෂකත්වය දෙන්න රනිල්ගෙන් සජිත්ට අභියෝගයක් !

අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව පත් කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා කරන ඉල්ලීම පිළිබඳව මෙම මැතිවරණ ව්‍යාපාරයෙන් අනතුරුව සලකා බැලිය හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර ඇත්තේ.

“සජිත්, මම ඔයාට පළාතක්වත් දිස්ත්‍රික්කයක්වත් නෙවෙයි පුංචි ප්‍රාදේශීය සභාවක් ඔයාට ඉස්සෙල්ලම දෙනවා. මට ඒක දිනවලා දෙන්න. මේක ලේසියෙන්ම ඔයාට දිනවන්න පුළුවන්.

ඇල්පිටියේ ඉන්නෙත් ඔයාගෙ පිලේ හොඳම කෙනෙක්. ගයන්ත කරුණාතිලක. ඔයයි ගයන්තයි අතරෙ හොඳ සම්බන්ධයකුත් තියෙන නිසා වැඩේ තවත් පහසුයි.

ඒවගේම ඇල්පිටිය කියන්නෙ යූඑන්පී බල කඳවුරක්. අද ඊයෙක නෙවෙයි ගයන්තගෙ තාත්තා රූපා කරුණාතිලකගෙ කාලෙ ඉඳන්, 1977 ඉඳන්.

ඒනිසා මේක සරල අභියෝගයක්. ඔයා ඉස්සෙල්ලා මේක කරලා පෙන්නන්න, මම ඉතුරු හරිය බලාගන්නම්” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වහා පවත්වන ලෙස නියෝග කර ඇති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ අතර මෙම මැතිවරණය එහි කොට්ඨාස 17 ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්යෙමින් පවසා සිටියේය.

(Lanka Leads)