Thursday, October 24, 2024
Follow Us
මෛත්‍රී - සජිත් ආණ්ඩුවක් ගැන ලොකුවටම කතාවක් ගියා - එස්.බී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව නව ආණ්ඩුවක් බිහිකිරීම පිළිබඳ ලොකු කතාබහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති බව ශ්‍රීලනිප හිටපු භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ පිළිබඳව තමන් ද සැකයෙන් පසුවූ බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් බිහිකිරීමේ වුවමනාවක් ශ්‍රීලනිපයේ යම් කොටසක් තුළ පවතින බවත් දයාසිරි ජයසේකර, වීරකුමාර දිසානායක වැන්නන්ට එම වුවමනාව තිබිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)