Thursday, October 24, 2024
Follow Us
ගෝඨාට එරෙහි කැලිෆෝනියා අධිකරණයේ නඩුව 16 දා විභාගයට ගනී

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික‍්‍රමතුංග විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරියකුට හිමි මුක්තිය මත ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ මෝසම සැප්තැම්බර් 16 දා කැලිෆෝනියා විනිසුරු මැනුවෙල් රියල් ඉදිරියේ විභාගයට ගැනේ.

මෙම මෝසම ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීතිවේදී අශෝක ද සිල්වා සඳහන් කර ඇත්තේ මේ නඩුව විභාග නොකර ප‍්‍රතික්‍ෂේප කළ යුතු බවයි.

මෙම නඩුව ගොනු කළ පැමිණිලිකාරිය විදේශ රටක වාසය කරන අතර ඇමෙරිකාව එම නඩුවට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවීම නිසා ඇමෙරිකානු අධිකරණයට ඒ සඳහා බලයක් නැතැයිද මේ මෝසමේ දක්වා තිබේ.

චූදිත ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි චෝදනා එල්ල කර ඇත්තේ ලසන්ත ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කිරීම නිසා බවද එහි තවදුරටත් සඳහන් කර ඇත.

රාජපක්‍ෂ මහතා මේ ඝාතනයට කිසිදු ලෙසකින් සම්බන්ධ නැති බවට ඔහුගේ නීතිවේදීහු දන්වා තිබේ.

(Lanka Leads)