Thursday, October 24, 2024
Follow Us
සජිත් ලවා ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් කරන සැලැස්මක මංගල ඉන්නේ - බන්ධුල

ශ්‍රී ලංකාව තුළ විදේශීය වුවමනාවන් හොඳින්ම ක්‍රියාත්මක කරවිය හැකි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව මංගල සමරවීර මහතා විසින් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලවා ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් කරවීමේ සැලැස්මක් මංගල සමරවීර මහතා විසින් ක්‍රියාත්මක කරන බවටයි ඒ මහතා චෝදනා කළේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් නම් ඇමරිකානු ආධාර වැඩසටහන අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට මංගල සමරවීර මහතා පවසන වීඩියෝ පටයක් විකාශය කරවමින් බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවේ "විදේශීය වුවමනාවන් වඩාම පහසු ලෙස ක්‍රියාත්මක කරගැනීම සඳහා හැකියාව තියෙන පුද්ගලයා හැටියට මංගල සමරවීර විසින් තෝරාගෙන තියෙන්නෙ සජිත් ප්‍රේමදාසව. ඔහුගේ ප්‍රකාශනයෙන්ම කිව්වොත් MCC වැඩසටහන එජාප නව රජයක් යටතේ ක්‍රියාත්මක කරන්න එකඟ වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් බවට මේ රට පරිවර්තනය කරන්න දරණ උත්සාහය ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙන්නෙ සජිත් ප්‍රේමදාස මහතා ලවා තමයි" යනුවෙනි.

ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)