Thursday, October 24, 2024
Follow Us
චන්ද්‍රිකාගෙන් ප්‍රවේශම් වෙන්නැයි මහින්දගෙන් පොහොට්ටුව අවවාදයක් !

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යළි එක්ව කටයුතු කිරීම තමන්ට ඉතාම අවාසි සහගත තත්වයක් බැවින් ඇගෙන් ප්‍රවේශම් වී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.

ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය සඳහා සාකච්ඡා යළි කඩිනමින් පැවැත්වෙන අතරම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යළි ශ්‍රීලනිපයේ බලවත් තත්වයකට පත්වීම යනු ඉතාම අවදානම් සහගත දෙයක් බැවින් කිසිසේත්ම ඇයට ප්‍රහාර එල්ල කර, ඇයව අවුස්සා ගැනීමට කටයුතු නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කර ඇති බව සඳහන්.

"අන්තිම නරක වෙලාවෙ එයා එතෙන්ට ආවෙ. ඔය ගෑණි සත පහකට විස්වාස කරන්න බෑ. අපිත් එක්ක කොහොමත් තරහෙන් ඉන්නේ. ඒනිසා පරෙස්සමින් වැඩ කරන්න ඕනෙ.

මොනම වෙලාවකවත් ඕනෙ නැති කතා කියලා චන්ද්‍රිකාව අවුස්සා ගන්න එපා. මේක ඔළුවෙන් වැඩ කරන්න ඕනෙ වෙලාවක්. බැසිලුත් පහුගිය දවස්වල චන්ද්‍රිකා ගැන අනං මනං කියලා තිබ්බා, මං බැසිල්ටත් කිව්වා ආයෙ මොකුත් කියන්න එපා කියලා.

චන්ද්‍රිකාව සුළුවෙන් තැකුවොත් අපටමයි කෙළවෙන්නෙ. ගිය පාරත් අපට කෙළවන්න මූලිකම වෙච්චි කෙනා චන්ද්‍රිකා. මං හොඳට දන්නවා උන්දැගෙ හැටි.

ඒනිසා බොරුවට චණ්ඩි වගේ එළියෙ හැප්පෙන්න යන්න එපා. පුළුවන් නම් යටින් මොනවා හරි කරලා මෛත්‍රීවයි චන්ද්‍රිකාවයි ආපහු කඩන්න බලනවා" යනුවෙන් ඒ මහතා උපදෙස් දී ඇති බවයි වාර්තා වූයේ.

(LNw)