Thursday, October 24, 2024
Follow Us
රනිල් හමුවෙන්න මලික් තුන් පාරක්ම ඉල්ලයි. රනිල් බෑ කියයි

සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා පසුගිය සතිය තුළ තුන් වතාවක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට උත්සාහ දරා ඇතත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

සජිත් පාර්ශ්වයේ සමාදාන යෝජනා රැගෙන මෙසේ මලික් සමරවික්‍රම මහතා රනිල් හමුවීමට උත්සාහ දැරුවත් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් පසුවන අග්‍රාමාත්‍යවරයා ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලබාදී නැත.

මලික් සමරවික්‍රම යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ දීර්ඝ කාලීන මිතුරෙකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දු තීරණවලට බලපෑම් කළ හැකි අතිශය සීමිත පිරිසෙන් එක් අයකු ද වූ නමුත් බැඳුම්කර ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ නිසා එම නඩුවෙන් ඉදිරියේදී එල්ල වීමට නියමිත චෝදනාවලින් සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව කබීර් හෂීම් අමාත්‍යවරයා ද සමඟ ඔහු මේ වනවිට සජිත් පාර්ශ්වයට එක්ව සිටී.

එසේම සජිත් පාර්ශ්වයේ කැරැල්ලේ කටයුතු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධීකරණය කරන්නේ ද මලික් සමරවික්‍රම විසිනි.

මේ අතර සජිත් පාර්ශ්වයට තොරතුරු ලබාදෙන සාගල රත්නායක අමාත්‍යවරයාගේ ලේකම්වරයකු ගැනත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය මේ වනවිට යොමුව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

 

(LNW)