Thursday, October 24, 2024
Follow Us
හලෝ ... එන්නෙ නැද්ද ඔයා ? - එස්.බී. යළි වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශප්‍රේමී මන්ත්‍රීවරුන් එක් කරගැනීම සඳහා ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදීම තමන් යළි ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

"දැමුත් දුරකථන ඇමතුම් දෙනවා. දැමුත් අපි අපේ පිළට ගන්න පුළුවන් දේශප්‍රේමී මිනිස්සුන්ව ගන්න අදත් උත්සාහ කරනවා. අදත් මං දෙන්නෙක් එක්ක කතා කළා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේ එස්.බී. දිසානායක මහතා ඇමතිකම් අල්ලස් ලෙස ලබාදීමට පොරොන්දු වෙමින් පාලිත රංගේ බණ්ඩාර සහ රිෂාඩ් බදූර්දීන් යන මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක් කරගැනීමට ලබාදුන් දුරකථන ඇමතුම්වල හඬපට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණු අතර ඒවා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ද ඇති කර තිබිණි.

(LNW)