Thursday, October 24, 2024
Follow Us
ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් අමුණුගමත් පොහොට්ටුවට

තමන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.

එහි කිසිදු සැකයක්, වෙනසක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

එසේම ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බවට තවමත් තීන්දුවක් ගෙන නොමැති බව පෙන්වා දුන් ඒ මහතා සාකච්ඡා සාර්ථක වුවත් අසාර්ථක වුවත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ගොස් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් 100%ක් කැපවීමෙන් කටයුතු කරන බවත් සඳහන් කළේය.

ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)