Thursday, October 24, 2024
Follow Us
හකීම්, රිෂාඩ්, පාඨලී, මනෝ ගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේශන් ඇතුලු නායකයින් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දිමට පූර්ණ කැමැත්ත පළ කර ඇතැයිද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පක්ෂයේ සියළු දෙනා එක්කාසු කරගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා ගැනීම පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

(Lanka Leads)