Thursday, October 24, 2024
Follow Us
ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකයන්ට තදින් සිටිනවා - ගෝඨා

කාන්තා හා ළමා අපචාරවලට එරෙහිව තදින් පියවර ගැනීමට ඉදිරිය රජයක් යටතේ කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (31) පෙරවරුවේ කොළඹදී පැවති, පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනයට එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කාන්තාවන්ට බලපාන සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් ගැඹුරින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

(LNW)