Thursday, October 24, 2024
Follow Us
පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති- මහින්ද අගමැති – මෛත්‍රී කථානායක – සජිත් ස්වාධීනව- රනිල් එ.ජා.ප යෙන් එනඑක ස්ථීරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාද, කථානායක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 27 වනදා ශ්‍රීලනිපය හා පෙදුජන එක්සත් පෙරමුණ අතර විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර එහිදී මෙම කාරනාව සාකච්ඡාවට බදුන්වී තිබුනේ නැත. එහෙත් මේ පිළිබදව විවිධ පාර්ශවයන් විශේෂයෙන් එම පක්ෂ වලට සම්බන්ධ විද්වතුන් වෘතිකයන් අතර මෙය විශේෂ යෝජනාවක් ලෙස කතාබහට ලක්ව ඇති බව වාර්තාවේ.
ඒ අතරම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස කිසිවෙකුත් නම් නොකරන තත්වයක් තුළ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂක උත්සාහය බිද වැටෙන තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙ ඉදිරිපත් වීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තොරතුරු හෙළි කරයි.
එමෙන්ම එජාපයේ අපේක්ෂකයා ලෙස නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවද වාර්තාවේ.

ඉරිදා දිවයින