Thursday, October 24, 2024
Follow Us
ගෝඨාභයගේ නඩුවක් ඔක්තෝම්බර් 15 සිට දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

(Lanka Leads)