Thursday, October 24, 2024
Follow Us
රනිල් මංගලගේ සහ කබීර්ගේ තටු කපයි !

කබීර් හෂීම් ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් එම අමාත්‍යංශයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එසේ ඉවත් කරන ආයතන සියල්ල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පත් කරන ලෙසයි අගමැතිවරයා වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.

මෙම ඉල්ලීම අගමැතිවරයා විසින් ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අදාල ආයතන කබීර් හෂීම් ඇමතිවරයාගෙන් ඉවත් කර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා යටතට පත් කරනු ඇත.

මේ අතර මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක් ද එම අමාත්‍යංශයෙන් ඉවත් කරන ලෙස ද අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එය ලිඛිතව තවමත් ජනාධිපතිවරයා වෙත දන්වා නොමැති අතර මෙසේ මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත්තේ රාජ්‍ය බැංකු දෙකකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සහ කබීර් හෂීම් මහතා මේ වනවිට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරන අතර සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා පක්ෂ නායකත්වයට දැ‍ඩිලෙස බලපෑම් කරමින් සිටී.

ඒ අනුව මංග‍ලගේ සහ කබීර්ගේ අමාත්‍යංශවලට අයත් ආයතන ඔවුන්ගෙන් ඉවත් කිරීම ඔවුන්ට සිදු කරන අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකිය.

(LNW)