Thursday, October 24, 2024
Follow Us
නිල වශයෙන් පොහොට්ටුවට ගිය එස් බී ට – ඩිලාන්ට එරෙහිව විනය පියවර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් අද සවස පැවැති සාකච්ඡාවේදී අදාළ තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා කීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා සහ එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සියලුමදෙනා පක්‍ෂය හැරගියා සේ සලකා කටයුතු කරන බවත්, ඔවුනට එරෙහිව කඩිනමින් විනය පරීක්‍ෂණ පැවැත්වීමටත් තීරණය කළ බවත් වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

(LNW)