Thursday, October 24, 2024
Follow Us
රතන හිමිට සහ විජේදාසට මන්ත්‍රීකම් අහිමි වන ලකුණු !

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට සහ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණ අද (30) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පක්ෂයෙහි විනය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කරන බවයි එජාප නීති ලේකම්, ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ.

එක්සත් ජාතික පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුණු විජේදාස රාජපක්ෂ මහතා යහපාලන රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් ප්‍රශ්නගත ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම සහ රාජපක්ෂ රජය සමයේ සිදුවූ දූෂණ, අපරාධ සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද කරවීම යන චෝදනා යටතේ 2017 වසරේදී ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලදී.

අතුරලියේ රතන හිමි එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙකි.

පසුගිය දින 52 දේශපාලන කුමන්ත්‍රණය මොහොතේ මොවුන් දෙදෙනාම එජාපයට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කටයුතු කරනු දක්නට ලැබුණු අතර විශේෂයෙන් ඉතාම නින්දිත ලෙස ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රයත්නයක නිරත වී සිටින රතන හිමිට එරෙහිව යම් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ද සමාජයෙන් දැඩි විවේචන එල්ල වී තිබිණි.

(LNW)