Thursday, October 24, 2024
Follow Us
එජාප ප්‍රබලයන් හෙට රනිල් හමුවෙයි ! සියලු අර්බුද අවසන්?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් හෙට දිනයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව එජාප සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ඒ සඳහා පක්ෂ නිළධාරී මණ්ඩලය නියෝජනය කරන පිරිස සහ තවත් පක්ෂයේ නායකත්වය මට්ටමේ පිරිසක් සහභාගි වන බවයි ඇමතිවරයා පවසන්නේ.

ඒ අනුව මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වියහැකි අතර, අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාවෙන් පසු පක්ෂයේ සියලු අර්බුද අවසන් වනු ඇති බවත් ඉතා ඉක්මනින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට හැකිවනු ඇති බවත් කබීර් හෂීම් මහතා පවසයි.

පක්ෂය තුළ අසමගිය වර්ධනය කිරීම සඳහා, පක්ෂය කඩා දැමීම සඳහා ඇතැම් පිරිස් බලා සිටින බවත් එහෙත් ඒ සඳහා ඉඩ තැබීමට එජාප පාක්ෂිකයන් සූදානම් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. ඉදිරි දින කිහිපය තුළ සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින තීරණය ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

(LNW)