Wednesday, October 23, 2024
Follow Us
නායකයා සහ නියෝජ්‍ය නායකයා එක්කර ජනාධිපතිවරණයට මුහුණ දෙන බවට එජාප මහ ලේකම්ගෙන් ප‍්‍රකාශයක්

නායකයා සහ නියෝජ්‍ය නායකයා ඇතුළු සියළු දෙනා එක් කර ගනිමින්, පුළුල් සන්ධානයක් ගොඩනගා එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා මේ බව කියා සිටියා.

කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු විනය කමිටුව හමුවට කැදවා තිබීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගෙන් මෙහිදී විමසීමක් කළා.

(Neth)