Wednesday, October 23, 2024
Follow Us
මෛත්‍රි – කරු අතර සාකච්ඡාවක්: චන්ද්‍රිකා සජිත් ගේන්න එපා කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහා මහතා අතර හමුවක් සංවිධානය කිරීමට දෙපාර්ශවයේ පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.

මීට පෙර ජනාධිපති වරයා කතානායකවරයා හමු නොවී සිටීමේ දැඩි ස්ථාවරයක සිටිය ද මේ වන විට ලැබෙන ඉල්ලීම් අනුව එම ස්ථාවරය වෙනස් කර ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ හමුවීම රහස් සාකච්ඡාවක් නොවනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගය වාර්තා කරයි. මේ සාකච්ඡාවේ අරමුණ 2015 දී පරාජයට පත්කළ රාජපක්ෂ මතවාදය 2019 දීද පරාජයට පත්කිරීම බව පැවසේ.

මේ අතර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවද සති අන්ත අරුණ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 22 වැනි දා රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති බවද එහි දැක්වේ. රැස්වීම් පවත්වා ඇත්තේ විනාඩි විස්සක පමණ කාලයක් බවත් එහිදී මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.
හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුව බවද වාර්තා වේ.

(Lanka Leads)