Wednesday, October 23, 2024
Follow Us
රනිල් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම පරද්දනවා - අජිත් පී. පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුව පරාජය කිරීමට අනිවාර්යයෙන්ම සජිත් පාර්ශ්වය කටයුතු කරන බව එම පාර්ශ්වයේ ඉදිරිපෙළ ක්‍රියාකාරික අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ තුනෙක් දෙකක බලයක් තම පාර්ශ්වය සතුව පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදී මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සතියක කාලයක් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා එසේ නොකළහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය.

සජිත් පාර්ශ්වයේ මෙම විකල්ප ක්‍රියාමාර්ග වන්නේ එජාපය දෙකඩ කර සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් කිරීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කර ඒ හරහා පක්ෂයෙහි බලය ඇල්ලීම බව අප මීට පෙර අනාවරණය කළෙමු.

අගෝස්තු 22 වනදාට පෙර සජිත්ව කෙසේ හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපතිවරයා මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී ඇති බව ද අපි මීට පෙර පුවතකින් හෙළි කළෙමු. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වී හෝ නොමැති අවස්ථාවක සජිත් පාර්ශ්වයට සතියක් තුළ සජිත්ව අපේක්ෂකයා කරවා ගැනීමට ඇති හදිසිය දෙස බලන කළ අප කළ අනාවරණය යළිත් තහවුරු වනු ඇත.

(LNW)