Monday, October 21, 2024
Follow Us
ආණ්ඩුව බේරා ගැනීමේ ජවිපෙ කුමන්ත‍්‍රණය හෙලිවෙයි

2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

අද පෙරවරුවේ කොලඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා ස`දහන් කලේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍ය වරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අසරණ වූ ආණ්ඩුව බේරා ගැනීමට බව සිහිපත් කල මන්ත‍්‍රී වරයා මෙම විශ්වාස භංගය ජයග‍්‍රහණය කිරීම ස`දහා දෙමළ ජාතික සංධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත‍්‍රීවරුන් සමග සාකච්චාකිරීමට ක‍්‍රීයා නොකලේ ආණ්ඩුව රැකගැනීමේ යටි අරමුනෙන් දැයි සැකයක් මතුවෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

(Lanka Leads)