Monday, October 21, 2024
Follow Us
මහින්ද – සම්බන්ධන් සහාය දුන්නොත් හෙට හවස ආණ්ඩුව පරාදයි

අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහාය දක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙට සවස වන විට පරාජය කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද පැවැසීය.

” ආණ්ඩුවට තිබෙන්නේ මන්ත්‍රීධුර 106යි. විපක්ෂයට ආසන 118යි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ සියලුම මන්ත්‍රීවරුන් හෙට පාර්ලිමේන්තුවට කැඳවන්නේ නම්, ද්‍රවිඩ ජාතික සන්ධානය මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන්නේ නම් හෙට හවසට ආණ්ඩුව පරාජය කළ හැකියි.

දේශපාලන ගේම් හෝ යටි අරමුණ නැත්නම් මේ විශ්වාසභංග යෝජනාව අපිට ජය ගන්න පුළුවන්. කොළඹට ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත්තාම අගමැතිට කොළඹින් පිටවෙන්න කියලා ආරක්ෂක අංශ කිව්වාම අගමැති කොළඹින් පිට ගියා.

තමන්ගේ නගරය ආරක්ෂා කර ගන්න බැරි අගමැතිවරයා කොහොමද ජනතාව ආරක්ෂා කරන්නේ. ජවිපෙ අපිට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආරක්ෂාව නෑ.

අපි ජනතාව ළඟට යන්න භය නෑ. දොර අරින්න, දොර වහන්න, බෑග් එක අරගෙන යන්න අපිට ආරක්ෂක අංශ සාමාජිකයන් අවශ්‍ය නෑ.”

(Lanka Leads)