Monday, October 21, 2024
Follow Us
මීළඟ කැබිනට්ටුව මොන පක්ෂයේ වුණත් එහි ජවිපෙ සිටිය යුතුමයි ! - රනිල්

මීළඟ අමාත්‍ය මණ්ඩලය කුමන පක්ෂයක මූලිකත්වයෙන් පත් වුවත් එහි ජනතා විමුක්ති පෙරමුණට නියෝජනයක් ලැබිය යුතුම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔවුන්ට කැබිනට් ඇමති ධුර තුනක් හෝ හතරක් ලබාදිය යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

"ජේවීපී එකට හොඳ විනයක් තියෙනවා. කැපවීමක් තියෙනවා. අනික ඒගොල්ලෝ අවංකයි. ඒත් මේ ගුණාංග තුනෙන්ම තාම රටට වැඩක් වෙලා නෑ.

ඒගොල්ලොත් අපි වගේම වයසට යනවා. ඒ නිසා එයාලගේ සේවය මේ රටට ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක්.

ඒනිසා, මීළඟ කැබිනට් එක අපේ වුණත් විපක්ෂයේ වුණත් කාගේ වුණත් ජේවීපී එකේ දායකත්වය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවා ගැනීම අනිවාර්ය දෙයක්. එයාලට අඩුම ගාණේ කැබිනට් ඇමතිකම් තුනක් හතරක්වත් දෙන්න ඕනෑ" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත්තේ ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පසුගියදා පැවති පෞද්ගලික හමුවකදීය.

(LNW)