Monday, October 21, 2024
Follow Us
රනිල්ම ඕනෑ.. එජාප ජ්‍යෙෂ්ඨයන්ගෙන් යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ගෙන ඒමට නියමිතව බව දේශයට වාර්තා වෙයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවිට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ද නම් කළයුතු බවටද එම යෝජනාව මගින් අදහස් කෙරෙන බව කියැවේ.

එවිට ජනාධිපතිවරණයත් ඊට පසුව එන මහ මැතිවරණයත් එක්සත් ජාතික පෙරමුණට පහසුවෙන් ජයගත හැකි බවද යෝජනාව ගෙන එන පිරිසගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධත්වය පළකිරීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා ජනතාව අතරින් තෝරා ගතයුතු බවය.

(Lanka Leads)