Monday, October 21, 2024
Follow Us
අපේ අපේක්ෂකයා සූදානම්

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරය මේ වනවිට දැනුවත්ව සිටින බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂයක් වශයෙන් ඉදිරි මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

" දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී වියයුතුයි. ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙල, පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරනවා."

වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබුණි.

ලංවිම සේවක පිරිස් අනුයුක්ත කිරීමේදී සිදුවී ඇති භාෂාව පිළිබදව ගැටළුකාරි තත්ත්වයන් හැකි ඉක්මණින් ඉවත් කරන බව රවී කරුණානායක මහතා සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි අවශ්‍ය පරිදි සේවකයන් යොදවා නැති අතර එම සියලු ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

(LNW)