Monday, October 21, 2024
Follow Us
ගෝඨාට ගොනු කළ පැමිණිලි 10 අහෝසි කරන්න…  කැලිෆෝනියා අධිකරණයෙන් ඉල්ලයි!

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණය වෙත ගොනු වී ඇති පැමිණිලි 10 අහෝසි කරන ලෙස ඒ මහතාගේ නීතිවේදී ජෝන් උලින් එරට අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඔහු අධිකරණය වෙත දන්වා ඇත්තේ හිටපු ආරක්‌ෂක ලේකම් රාජ්‍ය නිලධාරියකු නිසා ඔහුට මුක්‌තිය හිමිවන බවය.

මෙම පැමිණිලිවලින් දන්වා ඇත්තේ හිටපු ආරක්‌ෂක ලේකම් යටතේ ක්‍රියාත්මක වූ පොලිසිය සහ හමුදාව ලිංගික හිංසන, පහරදීම් සහ වෙනත් වධහිංසා පමුණුවා ඇති බවයි. මේ අතර හිටපු ආරක්‌ෂක ලේකම්ට නඩු පැවරීම ක්‍රියාත්මක කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව බව හෙළි වී ඇත.

(Lanka Leads)