Monday, October 21, 2024
Follow Us
පාර්ලිමේන්තු කාරක සභාව ඉස්සරහට මම යන්නෙ නෑ - දයාසිරි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම වර්ජනය කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ජයසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඔහු පවසා සිටියේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අද‍ පෙනී සිටින්නැයි තමාට දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

මෙම පාර්ලිමේන්තු කාරක සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද විරෝධය එල්ල වූ අතර ඔවුන් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීම ද ප්‍රතික්ෂේප කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ වනවිට කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටී.

(LNW)