Monday, October 21, 2024
Follow Us
අපි කැප්පෙටිපොලලගේ පරම්පරාවේ නියමම සිංහලයෝ

තමා තුට්ටු දෙකේ සිංහලයෙක් නොවන බවත් කැප්පෙටිපොලලාගේ ගොංගාලේගොඩ බණ්ඩාගේ පරම්පරාවේ නියමම සිංහලයෙකු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති සමුළුවකට එක්වෙමිනි.

මේ රටේ ජනතාව ජාතිවාදි නොවන බවත් දේශපාලකයන් ජාතිවාදය අවුලුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය

අතීතයේ සිටම මේ රට ජාතිවාදයට හසුවූ බවත් එම නිසා රට දිනෙන් දින පසුපසට ගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමති රාජිත විසින් කරන ලද මෙම ප‍්‍රකාශය සමාජ මාධ්‍ය වල දැඩි දෝශදර්ශනයක ලක්ව ඇති අතර නියම සිංහයෙකුනම් බාල බෙහෙත් ගෙන්වා තම පරම්පරාව විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එවැන්නෙක් මෙවැනි ප`කාශයක් කිරීම හාත්ස්‍යයට ලක් කළ යුතු බවත් පෙන්වා දෙති.

(Lanka Leads)