Monday, October 21, 2024
Follow Us
වෙල්ගම පවු සමා කර ගැනීමේ උත්සාහයක

මෙතෙක් දිනක් ගෝඨාඪය රාජපක්ෂට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ අයුරින් සිත් රිදෙන ප්‍රකාශ කරමින් සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පිරිත් දේශනයකට සහභාගි වෙමින් මිත්‍රකම් අලුත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තාවේ.

එම අවස්ථාවට ගිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඉතා සුහදව පිළිගෙන ඇත.

එය සුභ ලකුණක් බව රැස්ව සිටි පිරිස් අතර කතාබහට ලක්වූ බවද වාර්තා වේ.

(Lanka Leads)