Monday, October 21, 2024
Follow Us
මම අයින් වෙලා නිකං ඉන්නේ නෑ දෙනවා වැඩේ

මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී ඊයේ (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සඳහා මේවනවිට සියළු කටයුතු සූදානම්කර ඇති බවයි.

හදිසි නීතිය මසකින් දිර්ඝ කළේ මෙම කටයුතු සිදු කිරිම කල් ලබා ගැනීමට බවද ඒ මහතා පවසයි.

තමන් තනතුරු අතහැර සිටියට මෙවැනි ක්‍රියාවන්ට එරේහිව කටයුතු කිරිම නවතා නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

තවද මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්යෙන් චෝදනා එල්ල කර පිරිසට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)