Sunday, October 20, 2024
Follow Us
දයාසිරි කරන්නෙත් දුමින්ද කළ වැරැද්දමයි - අපේ සමඟියට ඔහු බාධාවක් (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කරමින් හිදින්නේ දුමින්ද දිසානායක මහතා ක්‍රියා කළ අකාරයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවේදී (25) මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ සමඟියට බාධාවක් බවයි ඔහු කියා සිටින්නේ.

දෙපාර්ශවය එකඟතාවකට පැමිණිය හැකි අවස්ථාව උදා වන විට ඔහු එය වළක්වන බවයි චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ.

එකඟතාවන් ඇතිකර ගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ සාකාච්ජා කර එළියට පැමිණ මාධ්‍යයට වෙනත් කතාවක් පවසන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට අනුර ප්‍රියදර්ශන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී විය.

(LNW)