Sunday, October 20, 2024
Follow Us
රනිල් ෂීට් එකේ ඉන්න බස් එකකට නම් ආයේ කවුරුවත් එන එකක් නැහැ (VIDEO)

ආණ්ඩුව තුළ කඹ ඇදිල්ල සිදු වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථිපලයක් ලෙස යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ (25) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයා සිය බලතල සම්බන්ධයෙන් අර්ථනිරුපණයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විත එහිදී තවත් කතාවක් කියන අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිරවුල්භාවය පිළිබඳ ප්‍රශ්නයක් පවතින බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

"ජනාධිපතිතුමාව බලයට ගෙනල්ලා,ජනාධිපතිතුමාගේ තටු කපලා,ජනාධිපතිතුමාගේ බලය අහෝසි කරලා නිකම්ම නිකමෙක් විදිහට ජනාධිපතිවරයාව තියලා, තමන්ට බලය ගන්න හදපු කූට උපක්‍රමයක් මේක ඇතුළේ තියෙන්නේ."

සිදු වූයේ 2015 ජනවාරි 08 පතකරලා එතැන් පටන් බලය ඩැහැගන්නේ කෙසේද යන්න මාන බලමින් සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එවැනි තත්ත්වයක තුළ ආණ්ඩුව තුළ රණ්ඩු කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ බවද ජයසේකර මහතා පැවසුවේය.

කෙසේවෙතත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ෂීට් එකේ ඉන්න බස් එකක් තුළට කිසිවෙකු හෝ නොපැමිණෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)