Thursday, October 24, 2024
Follow Us
මානව හිමිකම් කොමසාරිස් දිනේෂ්ට දිනයක් නොදෙයි

ශී‍්‍ර ලංකාව ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට මුල් වූ කරුණු පැහැදිලි කිරීම සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඇය මෙතෙක් ඒ සඳහා දිනයක් නියම කර නැත.

මානව හිමිකම් කොමසාරිස්වරිය පෙබරවාරි 27 දා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශී‍්‍ර ලංකාව සම්බන්ධව සිය වාර්තාව ප‍්‍රකාශයට පත් කරනු ඇත. මේ වාර්තාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම ගැන ද ඇය සඳහන් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිවාරය ඊයේ (24 දා) ආරම්භ වූ අතර රටවල් 47 ක් ඊට සහභාගි වෙයි. මින් රටවල් 6 ක් ශී‍්‍ර ලංකාවට පක්‍ෂව කි‍්‍රයාකරයි.

(Lanka Leads)