Wednesday, October 23, 2024
Follow Us
නාමල් රාජපක්ෂ ආසියානු නවෝත්පාදන සමුළුවට

පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැති ආසියානු නවෝත්පාදන සමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සහභාගී විය.

ආසියානු අලෙවිකරන කේන්ද්‍රයේ ආරාධනයක් මත ඔහු මේ සමුළුවට සහභාගී වී තිබූ අතර එහිදී නව රජයේ සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත ලාංකික තාරුණ්‍යය සංවර්ධනය වෙනුවෙන් වූ කරුණු පිළිබඳවත් සාකච්ඡා වී ඇත.

එමෙන්ම ආසියානු තාරුණ්‍ය පිළිබඳවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී දේශනයක් පවත්වා ඇති අතර
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංස්කරණයෙදී තාරුණ්‍යට ලබාදිය යුතු අවදානය පිලිබඳවද සාකච්ඡාවට බඳුන්ව තිබේ.

තවද මෙම සංචාරයේදී ඉන්දුනීසියාවේ සංචාරක සහ නව ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය විශ්නුතාමා කුසුබන්දියො මුණ ගැසුනු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දුනීසියාව සහ ලංකාව අතර සංචාරක කර්මාන්ත වර්ධනය සදහා ගත හැකි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

(Neth)