Wednesday, October 23, 2024
Follow Us
පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්

පැහැර ගැනීමකට ලක්වී ලිංගික හිංසනයට ද ලක්වූ බව කියන කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් නොකර ජිනීවා නුවරට ගෙන යෑම සඳහා ස්විස් නිලධාරීන් සැලසුම් කරන බව ආරංචි මාර්ග ඊයේ (02 දා) හෙළි කළේය.

ඇයව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විස්ටර්ලන්තයට ගෙනයන බව ස්විස් තානාපති වොන් රජයට දන්වා තිබේ. මෙම නිලධාරිනියගේ අනන්‍යතාව ස්විස් තානාපති කාර්යාලය මෙතෙක් ශී‍්‍ර ලංකා රජයට හෙළිකර නැත.

එහෙත් ඇය මිසින් ජේ නමින් හඳුන්වන තැනැත්තියක බව හෙළිකිරීමට දිවයිනට හැකිවී ඇත. තානාපති මුක්තිය නැති මේ කාන්තාව පසුගිය නොවැම්බර් 25 දා සිට ස්විස් තානාපති කාර්යාලයේ රඳවාගෙන ඇති අතර ඇයට අදාළ සියලූ තොරතුරු ස්විස් තානාපති බලධාරීන් වසන් කර තිබේ.

ඇය පැහැර ගැනීමට ලක්වූ බව කියන ප‍්‍රදේශයේ ඔස්ටේ‍්‍රලියානු සහ ජපන් තානාපති කාර්යාල ඇතත් එම තානාපති කාර්යාලවල කිසිදු ආරක්‍ෂක නිලධාරියෙක් එම පැහැර ගැනීමක් දැක නැත.

මෙම කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සංක‍්‍රමණික නිලධාරියා යටතේ සේවය කරන තැනැත්තියක් බවත් සංක‍්‍රමණිකයන් ස්විස්ටර්ලන්තයට යෑමට නිර්දේශ කිරීමට අවසර නියමව තිබූ බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්වයි.

(Lanka Leads)