Wednesday, October 23, 2024
Follow Us
ජනපති, ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය අචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් සිදුව ඇත.

අද පෙරවරුවේ එම හමුව පැවති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයක් රාෂ්ඨ්‍රපතිභවන් හිදී සංවිධානය කර ඇත.

එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට පමණ එම උත්සවය පැවැත්වෙයි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රි ලංකාජනාධිපතිවරයා අතර ද්වීපාර්වීක සාකච්ඡා අදදහවල් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතරසාකච්ඡාවලින් පසු ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා හෙට දිනයේද වැඩසටහන් කිහිපයකට සහභාගී වී නැවත දිවයිනට පැමිණෙයි.

(Lanka Leads)