Wednesday, October 23, 2024
Follow Us
කටුනායක සහ මස්කට් අතර ඍජු ගුවන් සේවයක් ඇරඹෙයි

ඕමානයේ, මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් සේවයක් අද ආරම්භ කෙරුණා. ඒ, සලාම් එයාර් ගුවන් සේවය විසින්. එහි පළමු ගුවන් ගමන සිදුකරමින් සලාම් එයාර් ගුවන් සේවයේ ඕ වී 431 යානය අද (25) පෙරවරු 08 ට කටුනායක ගුවන් තොටුපළට ලගා වුණා. ඒ, මගීන් 86 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකුද රැගෙනයි.

මෙම ගුවන් යානය උදෑසන 09 යි 10 ට කටුනායක ගුවන් තොටුපළේ සිට යළි ඕමානයේ මස්කට් බලා පිටත්ව ගියා. මින් ඉදිරියට සෑම සතියකට දින 04 ක් ඕමානයේ මස්කට් සහ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් ගමන සිදු කිරීමට නියමිතයි.

(Neth)