Wednesday, October 23, 2024
Follow Us
ජනපති ගෝඨාභයට පුටින් ගෙන් සුබපැතුම්

ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පලිපියක් මගින් මේ බව දන්වා ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට ද, දෙරටෙහි සහෝදරශීලී සබඳතාව සවිමත් කිරීමටද, ජනතාවට සාමය සහ සහජීවනය උදාකරදීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපතිවරයා එම ලිපිය මගින් දන්වා ඇත.

(Lanka Leads)