Wednesday, October 23, 2024
Follow Us
‘අපි එකතු වෙලා වැඩ කරමු’ – කලාපීය බලවතාගෙන් ජනපතිට හා අගමැතිට යෝජනාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අසල්වාසී ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රිකව හා සමීපව වැඩකටයුතු කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ පණිවුඩයක් යොමුකරමින් දන්වා ඇත්තේ, නව පාලන තන්ත්‍රය සමගින් එකට එකතු වී සමගියෙන් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන්ම කලාපීය සාමය වෙනුවෙන් නව බලාපොරොත්තු තබාගෙන ඇති බවද අදාළ පණිවුඩය මගින් දන්වා තිබේ.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයා වීම සම්බන්ධයෙන් විශේෂ සුබපැතීමක්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත සිදු කර ඇත.

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයක් මත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරාගෙන ඇති අතර, එය මෙම මස 29 වැනි දා සිදු වීමට නියමිත බව ද අද (22) ඉන්දීය මාධ්‍ය පවා වාර්තා කර තිබුණි.

(Lanka Leads)