Wednesday, October 23, 2024
Follow Us
නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම්

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව සිය ටිවිටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(Lanka Leads)