Wednesday, October 23, 2024
Follow Us
ජනාධිපතිවරණය ජය ගන්නේ ගෝඨාභයයි – විදෙස් මාධ්‍ය කියයි

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානයක් යොමුවී තිබේ.

රොයිටර් පුවත්සේවය සහ ‘ද හින්දු’ වෙබ් අඩවි වාර්තාවල දැක්වෙන පරිදි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව සිටින බවයි.

රොයිටර් පුවත් සේවයේ අදාළ වර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිල මත විමසුමක් පවත්වා නොමැති වුවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි වඩා ජනප්‍රියම පුද්ගලයා බවයි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මන්දගාමී ගමනක නිරත වන බවද එහි දක්වා තිබේ.

ඉන්දීය ‘ද හින්දු ‘ වෙබ් අඩවිය වෙනුවෙන්ද මෙරට ජනාධිපතිවරණය පිළිබඳව වාර්තාවක් සම්පාදනයවී ඇත.

ශක්තිමත් නායකයෙකු යුද්ධය නිමා කිරීම සඳහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බව එම වාර්තාවේ සඳහන්වේ.

දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාසට සහාය දක්වන ඇතැම් පිරිස් පවා ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශ වල බහුතර ජනතාවක් ගෝඨාබය රාජපක්ෂට සහාය දක්වනු ඇති බව යැයිද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.

මූලාශ්‍ර – 01 රොයිටර් / 02 ‘ ද හින්දු’